Uncategorized

Breaking ; 2024 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමි වුණා.

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද කින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button