ලබන වසර තුළ උග්‍ර ඖෂධ හිඟයක අවදානමක්
ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ ‘මහ මොළකරුවන්’ අත්අඩංගුවට නොගෙන සිටින්නේ නම් පවතිනවාට වඩා විශාල බරපතළ ඖෂධ හිඟයක් ලබන වසරේදී ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය චෝදනා කරන්නේ, ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්‍ෂණයන්ට අදාළව ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඇතත් කරුණු අනාවරණයවී ඇති ‘මහ මොළකරුවන්’ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නැති බවයි.
මෙම සිද්ධියට අදාළව පමණක් නොව, සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම ප්‍රසම්පාදන ක්‍රියාවලියන්හී සිදුවූ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සියල්ල පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයන් සිදුකළ යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා (22) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
විගණකාධිපතිවරයා කළ විමර්ශනයන්ට අදාළ වාර්තා පදනම් කර ගනිමින් එම නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතු අතර හදිසි මිලදී ගැනීම් හරහා ඉමියුනෝග්ලොබියුලින් ගෙන තිබෙන බවත්, එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකළ ගනුදෙනුවක් බවත් ඔහු පවසනවා.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ කරුණු සඳහන් කළේ,ව්‍යාජ ලේඛන සකස් කර ගෙන්වනු ලැබූ රුපියල් මිලියන 130 ක් වටිනා ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳව අදහස් දක්වමින්.