දේශීය

පාර්ලිමේන්තුවේදී ජනාධිපති මං ගැන කිව්ව බොරුවලට මම කණගාටු වෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු ඉන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවයි.

සාලිය පීරිස් මහතා පවසන්නේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එහිදී දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බව සාලිය පීරිස් මහතා සිය නිවේදනයේ දක්වා ඇති බව සඳහන්වනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජුවී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button