ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් TV Channel එකක්

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන්වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාලිකාව පසුගියදා ජනගත කිරීම සිදු කෙරුණා.
එහි සමාරම්භක උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවැත්වුණ බව සඳහන්.
ලෝක රූපවාහිනි දිනයට සමගාමීව ආරම්භ කෙරුණ මෙම නාලිකාව Peo TV අංක 130 ඔස්සේ විකාශය කෙරෙන අතර Your Winning Line ( ඔබේ ජයග්‍රහණයේ රේඛාව ) යන තේමාවෙන් ක්‍රියාත්මකවනවා.
නොවැම්බර් 21 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා හඳුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News , කර්මාන්ත කතා , වැඩබිම් රසෝඝය, Plus Mind , Help Desk , ව්‍යවසායකත්ව රජ දරුවෝ , Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40 ක් Industry TV නාලිකාව තුළ විකාශය සදහා අන්තර්ගතවන බවයි සඳහන්වන්නේ.
මීට සමගාමීව දේශිය ව්‍යවසායකින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම වෙනුවෙන් වෘත්තිය හැඳුනුම්පත, වාහන අවසර පත හා ව්‍යවසායකත්ව සහතිකය පිරිනැමීම සිදු කෙරුණ අතර නිෂ්පාදන කර්මාන්ත උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ ව්‍යවසායකයින් වෙනුවෙන් සම්මාන පිරිනැමීමද එහිදී සිදු කෙරුණා.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත්තේ, කර්මාන්ත අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්වෙමින් බව සඳහන්වනවා.