ඉදිරි වර්ෂයේදී සෞඛ්‍ය පද්ධතිය අවදානමක
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මතුව ඇති නව ප්‍රවණතා නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඉදිරි වර්ෂයේදී සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳවැටීමේ දැඩි අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය චෝදනා කරන්නේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මතුව ඇති ඖෂධ අර්බුදය පිළිබඳව සිය සංගමය වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ බලධාරීන් දැනුවත් කර අර්බුදයට විසඳුම් ලෙස දස වැදෑරුම් විසඳුම් මාලාවක් ඉදිරිපත් කර ඇතත් එයට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම බලධාරීන් විසින් පැහැරහැර ඇති බවයි.
එසේම ප්‍රශ්න සහගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ජාවාරමේ මහ මොළකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමද අතිශය වැදගත් වන බව පවසන එම සංගමය, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සෑම මට්ටමකම කටයුතු කළ පිරිස් රෝගී ජනතාව වෙනුවෙන් තමන්ට ඇති වගකීම අඩු වැඩි වශයෙන් බිඳ දමා ඇති බවද සඳහන් කළා.
මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන ඖෂධ තොග භාරගැනීම මෙන්ම ගබඩා කිරීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතුවෙමින් පවතින බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බැවින් සැබෑ වංචනිකයන්ට උපරිම දඬුවම් ලබාදෙන අතරතුර අවංක හා සද්භාවයෙන් රාජකාරි ඉටුකළ සහ ඉටුකරන නිලධාරීන් අනවශ්‍ය පීඩනයකට ලක් නොකිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරනවා.