හමාස් නායකයෙක් ජීවිතක්ෂයට
ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායල ජනපද වලට ප්‍රහාර එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායකයෙක්ව විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ(03) එල්ලකළ ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ “Shati Battalion” හි අණ දෙන නිලධාරියාව ඝාතනයවී ඇති බවයි.
Haitham Khuwajari ඔක්තෝබර් 07 වෙනිදා එල්ල කළ ප්‍රහාරයේ මූලිකයෙක් බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය සඳහන් කරනවා.
ඊශ්‍රායල “ෂින්බෙත්” ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ හමාස් නායකයින් ලොව කොහේ සිටියත් ඔවුන් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු බවයි.
මේ අතර දකුණු ගාසා වෙත දින 3ක් පුරාවට බෝම්බ හෙළීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා සිය ගොඩබිම් මෙහෙයුම් දකුණු ගාසා වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව මිලියනයකට වැඩි සිවිල් වැසියන් රැකවරණය ලබන ඛාන්යුනිස් නගරය ආසන්න ඊශ්‍රායල යුද ටැංකි පවා යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.
ගෙවුණු දිනය තුළ පමණක් ඝාතනයට ලක්වූ පලස්තීන සිවිල් වැසියන් ගණන 700කට අධික බවද සඳහන්.
එහිදී ඉරානය අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායලය, ගාසා වෙත ප්‍රහාර නතර නොකළහොත් යුද්ධය තවත් දිග්ගැසෙනු ඇති බවයි.