පාස්කු ප්‍රහාරයට කලින් 4 වතාවක් බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා
පාස්කු ඉරු දින හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල වන බව පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවීමට කලින් අවස්ථා හතරකදී බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දී ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා.
සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසන්නේ, එම තොරතුරුවලට අනුව බුද්ධි අංශ නිලධාරීන් නිවැරදි ලෙස කටයුතු කර ඇත්ද යන්න පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන්වී ඇති බවයි.
ඒ අනුව 2019/04,18,20,21 යන දිනවලදී මෙම දැනුම් දීම කර ඇති බවද රාජ්‍ය බුද්ධි අංශ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම සිද්ධි පිළිබඳ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා දැනුවත් කර ඇති බවටද මෙහිදී කරුණු හෙළිවී තිබෙනවා.
පසුගිය 2019 වසරේ අප්‍රේල් 16 දින කාලංකුඩා ප්‍රදේශයේදී යතුරුපැදියක් පුපුරවා හැරීම මින් එක් සිද්ධියක් වන අතර පාස්කු ප්‍රහාරය අත්හදා බැලීමක් ලෙස එම පිපිරවීම සිදුකර ඇති බවත් සහරාන් ගනුදෙනු කරන විදේශ ජාලය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ දැනුවත් කර ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම කටයුතු මෙසේ කර තිබියදී මේ සම්බන්ධයෙන් වගකීම් ඉටු කර නැති පිරිස පිළිබඳ මේ වෙනුවෙන් පත් කළ කමිටු වාර්තාවේ සඳහන්වී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.
සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
නමුත් මේ පිළිතුර පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බව අප්පුහාමි මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ ඉදිරි දිනකදී පිළිතුරු දෙනු ඇති බවත් මෙහිදී සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන් බවද සඳහන්වනවා.