දේශීය

Breaking : කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩලපයට කළ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමටද විත්කිරුවන්ට නියම කළා.

රාජසභා මණ්ඩපයට කළ හානිය වෙනුවෙන් ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ඒ අවස්ථාවේදීම ගෙවනු ලැබූ අතර ඔවුන්ට නියම කළ දඩ මුදල්ද විතිත්කරුවෝ ඒ අවස්ථාවේදීම ගෙවා තිබෙනවා.

මෙය ලංකාවේ පෞරාණික ස්ථානයක් බවට දැනත් අලාභහානි කිරීම සුළුවෙන් තැකිය නොහැකි හේතුවෙන් විත්තිකරුවන්ට උපරිම දඩුවම් නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කරුවන්ට මෙලෙස දඩුවම් නියම කෙරුණා.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, හිටපු නාගරික ඉන්ජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, හිටපු වැඩ පරීක්‍ෂක ඉලාලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් ප්‍රියන්ත නැමැත්තන්ටයි.

2020 ජූලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගලදී කුරුණෑගල නගර සභාව සතු දේපළ වන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා මණ්ඩපය කඩා දැමීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අදාල රාජසභා මණ්ඩලය කඩා අනර්ථයක් කර රුපියල් හැත්තදෙලක්‍ෂ පනස් දහසක පාඩුවක් කිරීම, ඒ සඳහා අධාරඅනුබල දීම ඇතුළු චෝදනා 5ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button