බාල බෙහෙත් 4ම රෝගීන්ට බෙදා දීම නවත්වයි
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ගෙන්වූ සැපයුම්කරු විසින් ලබාදුන් බව පවසන ප්‍රමිතියෙන් තොර ඖෂධ හතර මේ වනවිට රෝගීන්ට ලබාදීම නතර කර ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසනවා.
මෙසේ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ගුද මාර්ගයේ සහ මහ බඩවැල් ආශ්‍රීත පිළිකා රෝගීන්ට ලබාදෙන Invinotecan Hydrochloride Trihydrate Injection, පියයුරු පිළිකා අමාශය හා පුරස්ථි පිළිකා රෝගීන්ට ලබාදෙන Doctaxel injection, ඇසේ දෘෂ්ටි විධානය ආශ්‍රීත ශල්‍යකර්මවලදී භාවිත කරන Fluorescein Sodium injection සහ රුධිර කැටි ගැසීම ආශ්‍රීත ගැටලු සහිත රෝගීන්ට ලබාදෙන Factor Vll injection යන ඖෂධ හතරයි.
ඒ මහතා සඳහන් කළේ, මෙම ප්‍රමිතියෙන් තොර බව පවසන ඖෂධ හතර රජයේ රෝහල්වලින් ඉවත් කර නියමිත උෂ්ණත්වයේ ගබඩා කර තබන ලෙසට අධිකරණය නියෝග කර තිබුණත් සෑම රෝහලකම ඒ පහසුකම නැති බවයි.
බෙහෙත් ගෙන්වූ මෙම සැකකරුට ඖෂධ ගෙන්වීමට, ඖෂධ නිෂ්පාදනය කිරීමට හා මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසරදී නැති බවයි වාර්තාවන්නේ.