විශේෂාංග

සාවද්‍ය තොරතුරු සඳහා ප්‍රතිචාර දැක්වීමේ සම්මන්ත්‍රණය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සාවද්‍ය තොරතුරු සඳහා ප්‍රතිචාර දැක්වීම සහ සාවද්‍ය තොරතුරු ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීමේ සම්මන්ත්‍රණය පසුගියදා (14) විදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර මහතා විසින් සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව සිදු කළ අතර, ඉන් අනතුරුව අලි සබ්රි මැතිතුමා සභාව අමතමින්, උපායමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රය තුළ සාවද්‍ය තොරතුරුවලට මුහුණ දීමේ වැදගත්කම අවධාරණය කළා.

මෙහිදී සාවද්‍ය තොරතුරු මගින් එල්ලවී ඇති සංකීර්ණ අභියෝග පිළිබඳව පැහැදිලි කිරීමට සහ ඒ ඔස්සේ ඇති විය හැකි තර්ජන වලට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සැකසීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.

උපායමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා, දේශපාලන ආර්ථිකය ,නෛතික බලපෑම්, සමාජ ඉංජිනේරු සහ මෙහෙයුම් අභියෝග යන තේමාවන් ඔස්සේ කරුණු විග්‍රහ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ප්‍රංශය, ඉන්දියාව සහ මැලේසියාව නියෝජනය කරමින් සහභාගීවූ විශේෂඥයින් 9 දෙනෙකු විසින් සම්මන්ත්‍රණය පුරාවට ඔවුන්ගේ සම්පත් දායකත්වය දැක්වූවා.

සම්භාවනීය අමුත්තන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් සහ වෘත්තිකයන් මෙන්ම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨයේ සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button