විශේෂාංග

මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාව​ට

මෙවර මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි සමත්වී තිබෙනවා.

මෙම තරඟය දෙසැම්බර් 22 සිකුරාදා රාත්‍රියේ වියට්නාමයේදී පැවැත්වුණා.

එමෙන්ම ඇය මිස් අර්ත් කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවට පත්වූ අතර මෙවැනි ජාත්‍යන්තර නිරූපණ තරඟාවලියක් ජයගත් පළමු ඇල්බේනියානු කාන්තාව වීමද විශේෂත්වයක්.

මෙම නව රැජින දැනට සංචාරක කළමනාකරණ සිසුවියක් සහ රූපවාහිනී නිවේදිකාවක් ලෙසද කටයුතු කරන්වා.

ඇය මීට පෙර Miss Globe 2022 තරඟයේ දෙවන අනුශූරියවී තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ, පියයුරු පිළිකා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඇතුළු සමාජ රාශියක නියැලීම ඇයගේ අපේක්ෂාවන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button