කලා

විදෙස් ගතවීමට උත්සහ කළ ජැකලින් ඉන්දියානු බලධාරීන් නවතා ගනියි

ශ්‍රී ලංකාකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළියක වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ඩුබායි බලා ගුවන් ගතවීමට උත්සහ කිරීමේදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින් එය වළක්වා තිබෙනවා.

විදෙස් ගතවීමට ජැකලින් මුම්බායි ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් ජැකලින්ට දන්වා ඇත්තේ එරට “බලාත්මක කිරීමේ ඒකකය” නිකුත්කර තිබූ නිවේදනයක් හේතුවෙන් ඇයට ගුවන් ගතවීමට අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත සුකේෂ් චන්ද්‍රශේකර් නමැති පුද්ගලයාට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගේ නමද ඈදී තිබෙනවා.

එහි මරීක්ෂණ සඳහා ඉන්දියානු “බලාත්මක කිරීමේ ඒකකය” විසින් ප්‍රකාශයක් ලබාදීමට ජැකලින්ව යළිත් වරක් කැඳවා තිබුණද ඇය එහි නොගිය බැවින් ඇයව මෙලෙස රදවාගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button