කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්තවී තිබෙනවා.
මියයනවිට ඔහුට වයස අවුරුදු 71ක්.
කොවිඩ් වැළඳීම හේතුවෙන් ඔහු මිය ගිය බව ඉන්දීය මාධ්‍යය වාර්තා කළා.
වර්ෂ 2005දී DMDK පක්ෂය පිහිටුවීමෙන් විජයකාන්ත් දේශපාලනයට අවතීර්ණ වුණා.
එමෙන්ම සිනමාව තුළ හමුදා චරිත නිරූපණය කිරීම හේතුවෙන් ඔහු ‘කැප්ටන්’ ලෙසද හඳුන්වා තිබෙනවා.
ඒ, තමිල්නාඩුවේ සෙසු ද්‍රවිඩ පක්ෂ වන DMK සහ ADMK වැනි පක්ෂවලට අභියෝග කරන විකල්ප දේශපාලන පක්ෂයක් වීමේ අරමුණෙන්.
2006 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී DMDK පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ අතර, එහි දී ඔවුන්ට ප්‍රාන්ත දේශපාලනය තුළ සැලකිය හැකි බලවේගයක් ලෙස ස්ථාපිත වීමට හැකියාව ලැබී තිබෙනවා.
2011 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය AIADMK ප්‍රමුඛ සන්ධානය සමඟ සන්ධානගතවූ අතර, විජයකාන්ත් විපක්ෂ නායකයා බවටද පත්වුණා.