විශේෂාංග

කිල්මිශා අද දිවයිනට

දකුණු ඉන්දීය zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වූ කිල්මිශා උදයශීලන් දැරිය අද (28) දිවයිනට පැමිණ තිබෙනවා.

යාපනයේ පදිංචි 14 හැවිරිදි කිල්මිශා දැරිය මෙලෙස ඉන්දියාවේ සිට ගුවන් මගින් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබුණා.

ඇයව පිළිගැනීම සදහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විශාල ජනකායක් පැමිණි අතර ඔවුන් සියළුම දෙනාට ගුවන්තොටුපොළට යාමට අවසර නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.

විශාල රිය පෙරහැරකින් කිල්මිශා දැරිය යාපනය නගරය වෙත කැදවා ගෙන යාමට යාපනයේ ජනතාව කටයුතු යොදා තිබූ අතර මේ අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන්ද සහභාගීවී සිටි බවට සඳහන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button