දේශීය
ප්‍රියන්ත කුමාර වෙනුවෙන් පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් වන්දි මුදලක්
පන්ජාබ් ප්‍රාන්ත රජයෙන් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි මහතා පවසනවා.
පන්ජාබයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා මහතා හා පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි මහතා අතර ඊයේ (08) ආණ්ඩුකාර මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා තිබෙනවා.
ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දේහය යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා පන්ජාබ් ආණ්ඩුකාරවරයා ලබාදුන් සහයෝගයට මෙරට කොන්සල් ජනරාල්වරයා සිය ස්තූතියද මෙහිදී පලකර තිබෙනවා.
පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි මහතා මෙහිදී පවසා ඇත්තේ තවදුරටත් මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා නීති සම්පාදනය කිරීමටත් සිය ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බවයි.