දේශීය

රෝහල්වල අතපසුවීම් ගැන වසරකට පැමිණිලි 600ක්

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය අතින් සිදුවන අතපසුවීම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 600ක් පමණ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වසරේදී මෙන්ම පසුගිය වසරේද මෙවැනි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව​යි.

එහිදී සෞඛ්‍ය අංශ තම උපරිමය රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කළද යම් යම් ගැටලු පැන නගින බවත් එය අවමකර ගැනීම සඳහා කැපවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ පැමිණිලි විශ්ලේෂණය කිරිමේදී අතපසුවීම් රැසක් සිදුව ඇති බවට පෙනී යන බව රමේෂ් පතිරණ මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button