දේශීය

ආයේ පොහොට්ටුව එක්ක ඡන්දෙ ඉල්ලන්න එපා – ශ්‍රීලනිප සංවිධායකයින් මෛත්‍රිගෙන් ඉල්ලයි

මින් ඉදිරියට පැවැත්වෙන මැතිවරණ සඳහා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරඟ නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් එම පක්ෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

පක්ෂ නායකත්වය දැනුවත් කරමින් ඔවුන් ඉල්ලා ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්, නියෝජිතයින්, මන්ත්‍රීවරුන් අතර පැවති හමුවක් අද (05) පැවැත්වුණා.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

මේ අතර ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවා ද යන්න පිළිබඳවත් ආසන සංවිධායකවරුන් ලබාදුන් තීරණය සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button