දේශීය

රිය අනතුරකින් පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට

මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේදී සිදුවූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්ත 52 හැවිරිදි පොලිස් නිලධාරිනියක්.

ඇය ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ ඇදවැටී කන්ටේනර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනයවූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනයවූ තවත් යතුරුපැදියක් පසුකර යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබාදී මාර්ගයේ වම් පසට ගැනීමේදී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී තිබෙන බව වාර්තා වුණා.

අනතුරුව එම යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර එහි පසුපස ගමන් කළ කාන්තාව ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යටවී ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button