අනතුරු වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක්
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/vehicle-.jpg)
රියදුරු පාසල්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජිත් තෙන්නකෝන් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී.
එහිදී ඔහු ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර රියැදුරු පාසල්වලද පෙර පුහුණුවක් සහ ලිඛිත පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වළක්වා ගැනීමේ කමිටුවේ තානාපති ඩිලන්ත මාලගමුව මහතා පැවසුවා.
ඔහු මෙහිදී අවධාරණය කළේ, මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක් රිය අනතුරු හේතුවෙන් හයදෙනෙකු මියගොස් ඇති බවයි.
මෙම තත්ත්වය මත රථවාහන අනතුරු වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.