දේශීය

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ

පසුගියදා සිදු කෙරුණ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව අමාත්‍යාංශයක හා රාජ්‍ය අමාත්‍යාංශ 2ක විෂය පථයන් යළි ගැසට් කර තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව වන ජීවි හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය හා අපි වෙනුවෙන් අපි අරමුදල ඇතුළත්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අයත් වන්නේ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතටයි.

මේ අතර, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්. පී. පාලිත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button