ක්‍රීඩා

පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ​ය අද (02) කොළඹදී පැවැත්වෙනවා.

එහි කාසියේ  වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානය වෙත ලබාදුන්නා.

මෙම තරඟ​ය දෙරට අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාවද වනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළේ, මීට පෙර ටෙස්ට් තරඟ 07කට පමණක් ක්‍රිඩා කර ඇති තම කණ්ඩායම ප්‍රබල ශ්‍රී ලංකාව හමුවේ තියුණු තරඟයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජයද සිල්වාගේ නායකත්වයෙන් පළමු වරට මෙම තරඟයට සහභාගී වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button