දේශීය

බෙලිඅත්තේ ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුව​ට

බෙලිඅත්තේදී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (04) අදාළ සැකකරුව මිනී මැරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසි​න් හබරාදූවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 28ක්වූ කටුදම්පේ, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙ​න් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button