දේශීය

බිත්තර මිල ඉහළට

බිත්තරයක මිල රුපියල් 58ක් දක්වා ඉහළ දමා තිබෙන​වා. 

මීට සති කිහිපයක​ට ඉහතදී බිත්තරයක මිල රුපියල් 40ක් දක්වා අඩු වුවද, මේ දිනවල නැවත වරක් බිත්තරයක මිල රුපියල් 58ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

බේකරි හිමියන් පවසන්නේ, තමන් බිත්තරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 60ක තොග මිලකට බවයි.

එමෙන්ම කුකුළු ගොවිපොළ හිමියන් බිත්තර මිල ඉහළ දමා ඇති බ​ව බිත්තර වෙළෙන්දන් කියා සිටියා.

නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමා​ත්‍ය මහින්ද අමරවීර මහ​තා පවසන්නේ, ශීතාගාරවල බිත්තර ගබඩා කරන ලද අතරමැදියන් කණ්ඩායමක් මෙලෙස බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවයි.

මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා වඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button