දේශීය
Breaking: කෙහෙළිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
බන්ධනාගාරගතව සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන් මෙතෙක් දැරූ පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තාවනවා.
දැනට බන්ධනාගාර ගතව සිටින අමාත්‍යවරයා ඒ බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇති බවයිවාර්තා වන්නේ.
එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇති බව පවසනවා.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.