විදෙස්

සිරගත​වූ ඉම්රාන් තැපැල් ඡන්දය දාලා

දූෂණ චෝදනාවලට වරදකරුවී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බ​ව පාකිස්තාන මාධ්‍ය පවසනවා.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ, ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයෙන් සිය ඡන්දය ප්‍රකාශ කළත්, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකාරියවී සිරදඬුවම් නියමවුණු සිය බිරිඳ බුෂ්රා බීබීට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහී ගිය බවයි.

රාජ්‍ය රහස් ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමේ වරදට වසර 10ක් සහ විදෙස් දූතයන්ගෙන් ලැබුණු මිල අධික ත්‍යාග නීතිවිරෝධී අයුරින් අලෙවි කර මුදල් උපයා ගැනීමේ වරදට තවත් වසර 14ක් ලෙස 71 හැවිරිදි ඉම්රාන් ඛාන්ට පසුගිය සතියේදී වසර 24ක සිරදඬුවම් නියම වුණා.

ඒ අනුව මෙම තීන්දුවත් සමඟ ඔහු​ට බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවී ඇති සම්පූර්ණ කාලසීමාව වසර 31 දක්වා ඉහළ ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button