ක්‍රීඩා

ෂේන් වෝන් අවසන් පැය ගත කළ හැටි

තායිලන්තයේ සමුයි දූපතේ සුඛෝපභෝගී සමුජායි විලාස් නිවාඩු නිකේතනයේ දී හදිසියේ මියගිය ෂේන් වෝන් ඔහුගේ පරිපූරක වෛද්‍යවරු නිවාඩු නිකේතනය වෙත පැමිණීමට මිනිත්තු 45 කට පෙර මිය ගොස් සිට ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.

මාර්තු හතරවෙනි සිකුරාදා සවස් වරුවේ නිවාඩු නිකේතනයේදී විවේකී සැන්දෑවක් සැලසුම් කර තිබූ අතර අත් සහ පාද ඇතුළු බහුවිධ සම්බාහන සත්කාර කිහිපයක් ඊට ඇතුළත්ව තිබූ බව ඩේලිමේල් වෙත අදහස් දක්වමින් හෝටල් කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් පවසා තිබෙනවා.

ගුවන් යානයෙන් බැස පැය 24කටත් අඩු කාලයකදී සිදුවූ හදිසි මරණයට පෙර එහි ගත කළ කෙටි කාලය තුළ ශේන් වෝන් ඇයට සහ අනෙකුත් සගයන් වෙත කරුණාවෙන් සංග්‍රහ කරනු ලැබූ බව ද ඇය පවසා තිබෙනවා.

එදින සවස් වරුවේ CCTV දර්ශනවල පස්වරු තුනට පමණ සම්බාහනය කරන්නන් හතර දෙනෙකු නිවාඩු නිකේතනයෙන් පිටව යන ආකාරය දැකගත හැකි නමුත් බෝවි නමින් හැඳින්වෙන කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු පමණක් වෝන්ට සේවය කර ඇතැයි පැවසෙනවා.

Anucha Hanayam සහ Kittchai Huadmuang යන පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනා ඩේලි මේල් වෙත පවසා ඇත්තේ ඔවුන් ඔහුව කාමරයේදී පරීක්ෂා කිරීමට පෙර විවේකීව සිටියදීම හෘදයාබාධයකට ලක්ව ඇති බවයි.

නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඩේලි මේල් වෙත වැඩිදුරටත් පවසා තිබුණේ ප්‍රතිකාර බොහෝමයක් ඔහුගේ විලා කළමණාකරු හරහා වෙන් කරවාගෙන ඇති බවත්, අසල ඇති අනුබද්ධ ශාලාවල කාර්ය මණ්ඩලය ඒ සඳහා භාවිතා කර ඇති බවත්ය.

ස්පා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, වෝන් ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරඟය රූපවාහිනියෙන් නැරඹීමට බලාපොරොත්තු වී සිටි බවයි පැවසෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button