දේශීය

බන්ධනාගාර රෝහලේ තදබදය​ ඉහළට

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවූවන් ප්‍රමාණය දෙගුණයකින්ම වැඩිවී තිබෙනවා.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවූවන් වෙනුවෙන් ඇද​න් 185ක් තිබෙන නමුත් මේ වන විට රැඳවූවන් 344 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්​ම මෙම රෝගීන් අතර පැපොල රෝගීන් 54 දෙනකුද සිටින බව අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

වැලිකඩ බන්ධනාගාර රෝහල වාට්ටු පහකින් සමන්විත ව​න අතර සායනික රෝගීන් 61ක්, කායික රෝගීන් 62ක්, බෝවන රෝගීන් 82ක්, මානසික රෝගීන් 110ක් සහ ක්ෂය රෝගීන් 29 දෙනකු මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.

බන්ධනාගාර තිහක් රටපුරා ඇති අතර සෑම බන්ධනාගාරයකටම වෙනම රෝහලක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අතරින් වැලිකඩ ප්‍රධාන බන්ධනාගාර රෝහලේ පමණක් මෙම තත්ත්වය උද්ගතවී තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button