දේශීය

කතා බහක් දුර දිග යාමෙන් පොලිසි​යේ ගුටි කෙලිය​ක්

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පානදුර දකුණ පොලීසිය පවසන්නේ, රෝහල්ගත කළ පිරිස අතරට පානදුර කොට්ඨාස රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා සහ යතුරුපැදියෙන් පැමිණි පානදුර අවට පදිංචිකරුවන් දෙදෙනා ඇතුළත් වන බවයි.

පහරකෑ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (12) රාත්‍රි 12.10ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී තිබෙනවා.

මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ ඇති අතර, එය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී ඇති බවයි වාර්තාවන්නේ.

පසු​ව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිලධාරීයෙකුට පහරදී ඇති බවත්, ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සඳහන්වනවා.

පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් අයෙකු පළාගොස් ඇති බවයි.

පහරකෑමට ලක්වූ සිව්දෙනාම පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සැකකරුවන් පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශනවලින් අනතුරුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button