විදෙස්

ඉම්රාන්ගේ පක්ෂයෙන් මැතිවරණ කොමිසමට චෝදනාවක්

පාකිස්තාන මහමැතිවරණයේදී දූෂණ අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල කරන ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන නියෝජිතයන් එරට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පාකිස්තාන මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඉවත් විය යුතු බවත්, එරට නව රජයක් පිහිටුවීමේ අයිතිය තම පක්ෂයට ඇති බවත් ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇති බවයි.

පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය සහ බිල්වාල් භූතෝ නායකත්වය දරන පාකිස්තාන මහජන පක්ෂය එක්ව තවත් සුළු පක්ෂ කිහිපයක් සමඟ හවුල් රජයක් පිහිටුවීමට සැලසුම් කිරීමද ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දැඩි විවේචනයට ලක්වී ඇති බවයි වාර්තාවන්නේ.

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන එරට මැතිවරණ කොමිසමේ සභාපති සිකන්දර් රාජා මෙවර පාකිස්තාන මහමැතිවරණය 100% කින්ම විනිවිදභාවයකින් යුතුව පැවැති බව ප්‍රකාශ කර ඇති අතර, එය නිදහස් සහ සාධාරණ අයුරින් පැවැති මැතිවරණයක් බවට සඳහන් කර ඇති බවද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button