දේශීය

සෞඛ්‍ය වර්ජනය ගැන තීරණය​ක්

දීමනා ගැටලුවක් මුල්කර ගනිමින් වැඩවර්ජනයේ නිරතවු සෞඛ්‍ය වෘත්තීය සමිති අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ, අද පෙරවරු 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

වෛද්‍යවරුන් සඳහා පමණක් දීමනා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවාවේ විවිධ වෘත්තීන්ට අයත් වෘත්තීය සමිති 72ක් විසින් පසුගියදා වැඩවර්ජනයක නිරතවු අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුව මත ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුමක් නොලැබුණහොත් යළි වැඩවර්ජනයකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

ඒ අනු​ව අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුව මත ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button