දේශීය

සෞඛ්‍ය වෘත්තීය ගැටලුව ගැන අවසන් යෝජනාව ළඟදී​ම

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වුණා.

ඒ අනුව එම යෝජනාවලියද එළැඹෙන 28 වැනිදා පස්වරු 3ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍යවරයාගේ නිර්දේශ මත අදාළ කමිටුව පත් කිරීමට පියවර ගත් බවයි.

එහිදී මූලික වශයෙන් තම යෝජනාවලට එකඟතාව පළවූ බ​ව වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා ප්‍රකාශ කළා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ, ගනු ලැබූ තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරණු ඇති බවට විශ්වාස කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button