ඇක්වා මෑන්ගෙන් ලංකාවට ඇගයිමක්

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මැමෝවා ප්‍රශංසනාත්මක අදහස් පළ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ World Restoration Flagship වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කර, සම්මාන ප්‍රදානය කරනවා
එහිදී කඩොලාන පරිසර පද්ධති නැවත ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද ඇගයීමට ලක් වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ වීඩියෝ පණිවිඩයක පෙනී සිටින ජේසන් මැමෝවා ශ්‍රී ලංකාව පැසැසුමට ලක් කළේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ලොවටම ආදර්ශයක් බව පවසමින්.
නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවන 45 හැවිරිදි මැමෝවා ලොව පුරා ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
රංගන ශිල්පියකු ලෙස ජේසන් මැමෝවා ලැබූ ජනප්‍රියත්වයත් සමඟ සාගරය සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද කටයුතු කරනවා.