දේශීය

2024 කොරියානු භාෂා විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට

2024, කොරියානු භාෂා විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම අද(26) සිට ලබන 29 දක්වා Online ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ සඳහා කාර්යාංශයේ www.slbfe.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස නිසි පරිදි උපදෙස් කියවා අයැදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවට දැනුම්දී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, අයැදුම්කරුවන්ට නිෂ්පාදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදිකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ සේවා 1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු බවයි.

වයස අවුරුදු 18 – 39 අතර අයෙකු වීම, උසාවියකින් වරදකරුවකුවී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඬුවම් නොලැබුණු අයෙකු වීම, කොරියානු ජනරජ‍යෙන් ආපසු හරවා එවූ හෝ නෙරපා හැරි අයෙකු නොවීම, ඊ-9 හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයෙකු වීම විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් බව සඳහන්වනවා.

විභාග ප්‍රවේශ පත්‍රය සම්පුර්ණ කිරිමට ප්‍රථම සෑම අයැදුම්කරුවෙකුම, ඉදිරියට අවම මාස 03 ක වලංගු කාලයක් සහිත ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහිත පිටුව ස්කෑන් කර (1MB විය යුතුය) තමා සන්තකයේ තබාගෙන සිටිය යුතු අතර, මාස 03 ක් ඇතුළත ලබාගත් සුදු පැහැති පසුබිම (3.5 cm * 4.5 cm) සහිත පැහැදිලි ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් සූදානම් කරගෙන සිටිය යුතුයි.

අමෙරිකානු ඩොලර් 28 ට සමාන මුදලක් එනම් රුපියල් 8,887 ක් විභාග ප්‍රවේශ ගාස්තුව ලෙස ගෙවිය යුතු අතර එය දැනුවත් කර ඇති පරිදි රාජ්‍ය බැංකුවකට ගෙවා අදාළ රිසිටිපත අයැදුම්පත්‍රය සමග උඩුගත කිරිම අනිවාර්ය වන බවද එම කාර්යාංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button