විදෙස්

කැනඩාවේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය සිසුන් 5 දෙනෙකු මියයයි.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී පසුගිය සෙනසුරාදා (12) සිදු වූ අනතුරකින් ඉන්දීය ජාතික සිසුන් පස් දෙනෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිසුන් ගමන් කළ වෑන් රථය සහ භාණ්ඩ ප්‍රවාහන ට්‍රේලර් ට්‍රක් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගිය සිසුන් පස් දෙනා එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.

ට්‍රක් රථයේ රියදුරුට කිසිඳු තුවලයක් සිදුව නොමැති අතර පොලීසිය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

මියගිය සිසුන් වයස අවුරුදු 21ත් 24ත් වන අතර ඔවුන් ටොරොන්ටෝ සහ මොන්ට්‍රියෙල් ප්‍රදේශ වල සිසුන් බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button