දේශීය

ඉදිරියේ​දී ජාතික හැදුනුම්පතට​ත් එක්ක ටින් අංකයක්

ඉදිරියේ​දී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඊට සමගාමීව ටින් අංකය (TIN – Taxpayer Identification Number) ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහ​තා කොළඹදී ඉකු​ත් පෙරේදා (24) පැවසුවා.

කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරමින් එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස දියත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී වයස අවුරුදු 18ට වැඩි අයට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී බදු අංකය ලබාදීම සිදු කරන අතර එය ලෝකයේ බොහෝ රටවල භාවිත වන ජනතාවට පහසු ක්‍රමවේදයක් බවත් ඔහු සඳහන් කළා.

එහි​දී රංජිත් සියඹලාපිටිය මහ​තා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“අපි සූදානම් වෙන්නේ පුළුවන් තරම් කණ්ඩායම් වශයෙන් ලියාපදිංචි කිරීම තුළින් මේක ඉක්මන් කරන්න. මේ සියල්ලටම කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා. ඊළඟ කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරලා අපිට පුළුවන් වේවි මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න.

අපි බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායම් වශයෙන් ලියාපදිංචි කර ටින් අංකය ලබා දීම. ඉදිරියේදී අවුරුදු 18ට වැඩි අයට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනකොට ඊට සමගාමීව ටින් අංකය එහෙමත් නැත්නම් බදු ලියාපදිංචිය ලබා දෙනවා. එහෙම හඳුන්වාදීලා මේ අංක දෙකම එකක් බවට පරිවර්තනය කරනවා. ලෝකේ බොහෝ රටවල්වල එහෙම තියෙනවා. ඒක බොහොම සරලයි. හැම කෙනකුටම පහසුයි. ඒක තමයි අපේ ඉලක්කය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button