දේශීය
PHI ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් හයක්
කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (27) ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.
51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන දීපල් රොෂාන් කුමාර නැමැති පුද්ගලයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණා.
සිය කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බවද එම කාර්යාලය පැවසූ බවයි වාර්තාවන්නේ.
මේ වනවිට මේ ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති බවත් ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බවද ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළා.
Related: