දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහ​තා පැවසුවේ, යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි.

එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000​ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනයෙන් අනතුරුව මෙම කමිටුව පත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button