දේශීය
කිසිම ඖෂධ වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – සෞඛ්‍ය ඇමති
කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් වනු ඇති බවයි.
ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එහිදී ඔහු විශ්වාසය පල කළේ, ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බවයි.
එමෙන්ම සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවා.