විදෙස්
ඔලිම්පික් සර්ෆිං තරඟවලට චීනය පළමු වතාවට සුදුසුකම් ලබලා
චීනය ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සර්ෆිං තරඟ සඳහා සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෝටෝ රිකෝහි පැවති 2024 ලෝක සර්ෆිං ක්‍රීඩා උළෙලේ, කාන්තා කෙටි පුවරු සර්ෆිං සඳහා සුදුසුකම් ලැබීමේ තරඟයේ හයවැනි වටයේදී, 15 හැවිරිදි චීන ක්‍රීඩිකාවක වන යං සිචි ඉහළ දස්කම් දක්වා ඇති බවයි වාර්තාවන්නේ.
එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටද ඇය සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සාර්ථක ලෙස ඊළඟ තරඟ අදියරට මුහුණ දුන් ඇය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහාද සුදුසුකම් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.
එය චීනය ඔලිම්පික් සර්ෆිං තරඟ සඳහා සුදුසුකම් ලැබූ පළමුවැනි අවස්ථාව වීමද විශේෂත්වයක් බව සඳහන්.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ඉසව් 32 න් 30 කට පමණ සහභාගි වීමට චීනය සුදුසුකම් ලබාගනු ඇති බවට අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.