දේශීය

මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ – ජනපති

ඇති වී තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය සහ මිල වැඩිවීම, ගෑස්, ඉන්ධන සහ විදුලිය තත්ව හා ගැටළු පිළිබදව තමා දැනුවත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පහතා අද (16) දින ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග වලට වගවීම් එතුමා විසින්ම භාරගන්නා බවත්, ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

එවකට පැවති යුද්ධයේ ඇතිවූ සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන මනාව කළමනාකරණය කිරීමට හැකි වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් වසංගතය හමුවේ අප රට පමණක් නොව මුළු ලෝකයම මෙලෙස ආර්ථික පසුබෑම් වලට මුහුණ දෙන බවද, අර්බුද ඇතිකිර්‍රිමට දායක වූ අය අද ජනතව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටින අතර මෙම අර්බුද ජනපති විසින් නිර්මාණය කළ එවා නොවන බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button