දේශීය
වායු දූෂණය ඉහළට
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2024/03/air-pollution-.jpg)
ගෙවුණු පැය 24 ක කාලය තුළ මෙරට වායු තත්ත්වය විශාල වශයෙන් දුෂණයවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය 127ක් ලෙස සටහන්වනවා.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවයි.
මීට අමතරව වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද පුත්තලම නගරයේ 88 ක්ද කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86 වශයෙන්ද සටහන්වනවා.
රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.