දේශීය
දුම්රිය ගමන් වාර ඉහළ දමන ලෙස ස්ථානාධිපතිවරු ඉල්ලයි
ඉනධන මිල ඉහළ යාමත් සමග ජනතාව පෞද්ගලික ප්‍රවාහන වලින් ඉවත්ව දුම්රිය වැනි අඩු වියදම් පොදු ප්‍රවාහන සේවා භාවිතයට නැඹුරු වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ප්‍රධාන දුම්රිය ස්ථානවල මේ මාසයේ ආදායම කැපී පෙනෙන අගයකින් ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක්ද යවා ඇති බව ඔවුන් පවසනවා.
එම ලිපියේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය මේ වෙත යොමු කරන ලෙසත්, බස් ගාස්තු ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දුම්රිය භාවිතයට මිනිසුන් වැඩි ප්‍රමාණයක් නැඹුරු වී ඇති බවත්, ඒ හේතුවෙන් දුම්රිය ගමන්වාර වැඩි කරන ලෙසත්, පවතින ගමන්වාර සඳහා වැඩිපුර දුම්රිය මැදිරි යෙදවීමටත් එමෙන්ම අනවශ්‍ය දුම්රිය සෙවා නවතා දමන ලෙසට යෝජනා කරන බවත් සඳහන් වේ.