දේශීය

මහ බැංකුවේ සේවකයින්ගේ පඩිය ගැන අනාවරණයක්

මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.

ඒ එම වැටුප් වැඩිවීම් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේදීයි.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂයේ සිට රුපියල් 17 ලක්ෂය දක්වාද වැඩිකර ඇති බවත් එහිදී අනාවරණ වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ වැටුප් වැඩිවී ඇත්තේ කෙසේද යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පැහැදිළි කළා.  

කාර්යාල සහායක පන්තියේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් 1,45773ක් වන අතර නව වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් 188,827 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය රුපියල් හතළිස්තුන්දහස් පනස් හතරක වැඩිවීමක් ලෙස සඳහන්.

එමෙන්ම එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහාද වැටුප් වැඩිවී ඇති අතර කාර්යාල සහායක තුන්වැනි පන්තියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් 1,64634 සිට රුපියල් 2,23763ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය රුපියල් 59,129 වැඩිවීමක්. 

එමෙන්​ම කළමනාකාර සහකාර පන්තියේ ශ්‍රේණි 05ක් සඳහාද වැටුප් වැඩිකර තිබෙන අතර එහි පළමු පන්තියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 1,73953ක්.

එය රුපියල් 2,41623 දක්වා ඉහළ නංවා ඇති අතර එය 67, 670 වැඩිවීමක්.

කළමනාකාර සහකාර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 2,72809ක් වන අතර එය රුපියල් 4,21184ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම වැඩිවීම රුපියල් 1,48 375​ක මුදලකි.

එමෙන්ම මාණ්ඩලික පන්තිය ඉහළ ප්‍රතිශතවලින් වැටුප් ඉහළ නැංවුණු තවත් කාණ්ඩයක් වන අතර එහි පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 3,31574කි.

මෙම වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් 526,648 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එ​​ම ඉහළ ගිය ප්‍රමාණය රුපියල් 1,09574කි.

එම මාණ්ඩලික පන්තියේ තවත් ශ්‍රේණි හතරක් සඳහාද වැටුප් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික දළ වැටුප රුපියල් 660,227 සිට රුපියල් 104,9430ක් වැනි ඉහළ අගයක් දක්වා වැඩිවී ඇති අයුරු දැක ගත හැකි වනවා.

එය රුපියල් 443,203 වැඩි වීමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණිය යටතේ සහාකාර අධිපතිවරයෙකුගේ වැටුප වැඩිවී තිබෙනවා.

ඒ අනුව රුපියල් 716,773ක් ​වූ සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 126,7170ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර එය රුපියල් 550,397 වැඩිවීමකි.

මාණ්ඩලික පන්තිය යටතේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් 976,662ක්වූ අතර නව වැටුප් වැඩිවීමත් සමග එම මාසික දළ වැටුප රුපියල් 172,8419 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම වැටුප් වැඩිවීම රුපියල් 751,757කි.

එමෙන්ම සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුපද ඉහළ අගයකින් වැඩි කර ඇති අයුරු දැකගත හැකි වනවා.

සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් 403,475 වූ අතර එය රුපියල් 801,295 දක්වා රුපියල් 307,820කින් වැඩිකර තිබෙනවා.

එමෙන්ම නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් 584,775කි.

එම මූලික වැටුප රුපියල් 115,045 දක්වා ඉහළ නංවා ඇත්තේ රුපියල් 520,270ක් වැනි ඉහළ අගයකින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button