ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරඟ​ය අද (09) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එහි​දී පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට බංග්ලාදේශ කණ්ඩාය​ම තීරණය කළා.

තරග 3කින් සමන්විත T20 තරඟාවලි​යේ එක් තරඟ​ය බැගින් දෙපිලම ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසුවනවා.

මේ අත​ර ආබාධයකට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (09) පැවැත්වෙන අවසන් 20යි 20 තරගයට සහභාගී නොවන බවයි වාර්තාවන්නේ.

දෙවන විස්සයි විස්ස තරගයේ සිය සිව්වන පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටියදී ඔහු පාදයේ ආබාධයකට ලක්වුණා.

ඒ අනු​ව ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් අද පැවැත්වෙන තෙවන තරඟ​ය සඳහා මතීෂ සහභාගී ‌නොකිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක තෙවන 20යි 20 තරඟ​ය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button