දේශීය

IMF විශේෂ සාකච්ඡාවක් අද

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයාටද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් K.M මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය පමණක් ඊට සහභාගී වන බව ප්‍රකාශ කර ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදයන්ට අවස්ථාව ලබා දීම සඳහා මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button