96 වැනි ඔස්කා සම්මාන උළෙලේ සම්මානලාභීන් මෙන්න

හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 96 වන ඔස්කාර් සම්මාන උළෙල එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වෙනවා.
එහිදී සම්මාන 7ක් දිනා ගනිමින් තම ආධිපත්‍යය පැතිරවීමට ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටය සමත් වුණා.
පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයා ගැන පවසන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය 96 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම මෙවර සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙසද ක්‍රිස්ටෝපර් නෝලන් සම්මානයට පාත්‍රවූ අතර 2018 වසරේ ඩන්කර්ක් චිත්‍රපටය වෙනුවෙන්ද ඔහු හොඳම අධ්‍යක්ෂවරයා සඳහා නිර්දේශවී තිබුණා.
96 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, ඕපන්හයිමර් චිත්‍රපටයේ ඕපන්හයිමර් චරිතයට පණ පෙවූ කිලියන් මර්ෆියි.
මෙය ඔහු දිනා ගත් පළමු ඔස්කාර් සම්මානය වන අතර ඔහු ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශවූ පළමු අවස්ථාවද මෙය බවයි සඳහන්වන්නේ.
හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය මෙවර දිනා ගත්තේ, ‘පුවර් තින්ග්ස්’ (Poor Things) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බෙලා බැක්ස්ටර්ගේ චරිතයට පණ පෙවූ එමා ස්ටෝන්.
2017 වසරේ ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටය වෙනුවෙන්ද ඇය ඔස්කාර් සම්මානයට පාත්‍රය වුණා.
හොඳම සහය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඕපන්හයිමර් චිත්‍රපටයේ රොබට් ඩව්නි ජූනියර්.
ඕපන්හයිමර් චිත්‍රපටය මෙවර සම්මාන 13ක් සඳහා නිර්දේශ වුණු අතර එය දිනා ගත් සමස්ත සම්මාන ගණන 7ක්.
හොඳම සහය නිළියට හිමි සම්මානයද හෝල්ඩ්ඕවර්ස්’ (The Holdovers) චිත්‍රපටයේ ඩේ’වයින් ජෝයි රැන්ඩොල්ෆ් හට හිමි වුණා.
මෙවර සම්මාන උළෙලේදී යුක්‍රේනය සිය ප්‍රථම ඔස්කාර් සම්මානය දිනා ගත්තේ, හොඳම වාර්තාමය චිත්‍රපටය ලෙස ‘ට්වෙන්ටි ඩේස් ඉන් මරියුපොල්’ (20 Days in Mariupol) සම්මානයට පාත්‍ර වීමත් සමගයි.
ඉකුත් වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බාර්බි (Barbie) චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී දිනා ගත්තේ එක් සම්මානයක් පමණයි.
ඒ, බිලී අයිලිෂ් සහ ඇගේ සහෝදරයා වන ෆිනියස් විසින් රචිත ‘What Was I Made For’ ගීතය හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගැනීමත් සමගයි.
‘ඇනටමි ඔෆ් අ ෆෝල්’ (Anatomy of a Fall) චිත්‍රපටය හොඳම ස්වතන්ත්‍ර තිර රචනය සඳහා සම්මානයට පාත්‍රවූ අතර හොඳම අනුවර්තිත තිර රචනයට හිමි සම්මානය ‘අමෙරිකන් ෆික්ෂන්’ (American Fiction) චිත්‍රපටය දිනා ගත්තා.