අස්වැසුම යටතේ පවුල් සවිබල ගන්වන්න කැබිනට් අනුමැතිය
අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම පිණිස 2023-4-17 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා.
ඒ අනුව අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු තුනක් ඇතුළත ආර්ථික සමාජය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා.
ඒ අනුව එම වැඩසටහනේ මූලික අදියර වශයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රතිලාභී පවුල් 16000ක් ඉලක්ක කර ගනිමින් ආසියා සංවර්ධන බැංකුව හා ලෝක බැංකු මූල්‍ය ආධාර සහ දේශීය අරමුදල් මගින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් එම අනුමැතිය මගින් හිමි වුණා.
එකී නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා අදාල වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.