සර්ව පාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් – අනුර
ලබන 23 වනදා පැවැත්වීමට නියමිත ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට ජාතික ජනබලවේගය තීරණය කර තිබේ.
කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සිය පක්ෂය අදාළ සමුළුවට සහභාගි නොවන බවය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ සර්ව පාක්ෂික සමුළුව කිසිසේත්ම ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනාවක් නොවන බවත්, පොහොට්ටු දේශපාලන ව්‍යාපාරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවූ දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස මෙය යෝජනා වන බවත් ය..
තවද රටේ සියලු ආර්ථික තොරුතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කර, සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා කිරීම කිසිසේම ඵලදායි ව්‍යාපෘතියක් බවට පත්නොවන බවද, මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය ජ.වි.පෙ අවධාරණය කළේ මීට අවුරුදු එකහමාරකට පෙර බවත් දැන් අර්බුදය වර්ධනය සිදුවී පුපුරා ගියාට පසු එම සාකච්ඡාවලට ආරාධනා කිරීම සාර්ථක නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තව දුරටත් සඳහන් කර තිබෙනවා