දේශීය

වාර විභාගයට කඩදාසි ලැබෙයි

බස්නාහිර පළාත් පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස තීරණය කිරීමට හේතුව වන්නේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට හැකිවී නිසා බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පවසා තිබෙනවා.

ඒ අනුව, කඩදාසි හිඟය හේතුවෙන් කල් දැමීමට සැලසුම් කර තිබූ එම විභාග කටයුතු නියමිත කාලසටහනට අනුව මාර්තු 29 දින සිට ආරම්භ වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button