දේශීය

ගාසා ළමා අර­මු­ද­ලට ලක්ෂ 58ක් ලැබිලා

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසාහී ළමා අර­මු­දල” සඳහා මේ වන විට රුපි­යල් 57, 73, 512 ක මුද­ලක් ලැබී තිබෙනවා.

සිය­ලුම අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මෙම අර­මු­ද­ලට ලබා දෙන ලෙසද රජය උප­දෙස් ලබාදී තිබුණා.

එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යන්ද අපේක්ෂා කරන අතර රාම­සාන් මාසය තුළ ගාසාහි ළමා අර­මු­දල සඳහා දායක වීමට කැමති පරි­ත්‍යා­ග­ශී­ලීන්වේ නම්, එම පරි­ත්‍යා­ග­යන් අප්‍රේල් මස 11 වැනි­දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම්දී තිබෙනවා.

මේ අතර කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහතා ගාසාහි ළමා අර­මු­ද­ලට පසු­ගිය 28දා රුපි­යල් මිලි­යන තුනක මුදලක් පරි­ත්‍යාග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button